
මිනිසාගේ හැසිරීම් රටාව තුළ දක්නට ලැබෙන කෝපවීම මනසේ ඇතිවන ආවේගකාරි ක්‍රියාකාරිත්වයකින් සිදුවන බැව් මනෝවිද්‍යාත්මකව පිළිගත් සිද්ධාන්තයකි. මනෝ ආවේගය, කෝපය හෙවත් කේන්තිය (Temperament) යනුවෙන් මනෝවිද්‍යා අංශ මගින් හඳුන්වන කෝපය පිළිබඳ පුනර්භව පර්යේෂණ මගින් ද දැඩි අවධානයක් යොමු කරනු ලැබේ. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණ (The Explantory Value of Reincarnation) යනුවෙන් හඳුන්වා දී ඇත. කෝපවීම පිළිබඳ පුනර්භව පර්යේෂණ මගින් අවධානය යොමුවීමට හේතු වූයේ පෙර භවය ප්‍රකාශ කළ ඇතැම් කුඩා දරුවන් තුළින් දක්නට ලැබුණු හදිසි කෝපය නිසාය. ඇතැම් දරුවන් ඉතා බිලිඳු වයසේ සිටියදී දැඩි ලෙස කෝපයට පත්වන බැව් දක්නට ලැබේ. යන්තම් අත් පා විහිදුවන වියේ සිටියදී පවා ඇතැම් දරුවන් තදබල ලෙස කෝපවන අවස්ථා දක්නට ඇත. ඇතැම් විට ඔවුහු කෝපය විදහා පෙන්වීමට දැඩි ලෙස හඬති. තවත් විටෙක තම අත්පා විසුරුවමින් මවට හෝ අසල ඇති භාණ්ඩවලට පවා පහර දෙති. එවැනි හැසිරීම් රටා පිළිබඳව දෙමාපියෝ එතරම් අවධානයක් යොමු නොකරති. එහෙත් බහ තෝරන වියට පා තබන ඇතැම් දරුවන් බහ තෝරන වියට එළැඹීමට ප්‍රථම එවැනි හැසිරීම් රටා ඉදිරිපත් කළ අවස්ථා ද කොතෙකුත් තිබේ. කිසිදු හේතුවක් නොමැතිව දැඩි කෝපයෙන් හැසිරෙන කුඩා දරුවන් මවට පරුෂ වචනවලින් බැණ වැදුණු සිදුවීම් ද පුනර්තභව පර්යේෂණ අතර දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශවල සිදු කළ පුනර්භව පර්යේෂණවලදී හමු වූ දරුවන් රැසකගෙන් ද එවැනි හැසිරීම් රටා දක්නට ලැබිණි. පුනර්භව පර්යේෂණවලට ලක්වූ දරුවන් කීපදෙනෙකු අස්වාභාවික කේන්තිකාරයන් බැව් දක්නට ලැබුණේ බහ තෝරන වියටත් ප්‍රථමය. ඔවුන් විසින් පසුව කරන ලද ප්‍රකාශ අනුව ඔවුන්ගේ පෙරභව ජීවිත හෙළි විය. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණවලදී හෙළි වුණේ එම දරුවන් ප්‍රකාශ කළ පෙරභව පුද්ගලයන් ද ඉක්මන් කේන්තිකාරයන් වී සිටි බවය. " ශ්‍රී ලංකාවේ දරුවකු වරක් කිරිදීම පමා වූ සැණින් මවට පරුෂ වචනයෙන් පවා බැණ වැදුණු අවස්ථා ඇත. බහ තෝරන වියේදී කෝපයට පත් වී මවට බැණ වැදුණු එක් දරුවෙක් පෙරභව තොරතුරු අනාවරණය කළේ ය. එහිදී හෙළි වූයේ ඔහු ප්‍රකාශ කළ පෙරභව ජීවිතයේදී කෝපයට පත්වූ විට පරුෂ වචන ප්‍රකාශ කිරීම සිරිතක්ව පැවැති බවය.
මෙවැනි සිදුවීම් පුනර්භව පර්යේෂණවලදී pogoda casos (Temperament of Subject Relate to Previous Life) යනුවෙනි. පෙරභවය හෙළි කළ දරුවන් මගින් දක්නට ලැබුණු අධික කෝපවීම හෙවත් ඉක්මන් කේන්තිය ඔවුන්ගේ පෙරභවයට සම්බන්ධ සිදුවීම්වලට හේතු වූ බැව් සනාථ වූ සිදුවීම් ද තිබේ. ඇතැම් විට පෙරභවයේ ඥාති හිතමිතුරන් සමග පැවැති කෝපය යළි ඉපදීමක් සිදුවීමෙන් පසුව ද ඒ අයුරින්ම දක්නට ලැබේ. තවත් විටක පෙර භවයේදී එල්ල කළ පහරදීම් හෝ මරණාසන්න තුවාල සිදුකිරීම් අවස්ථාවලදී ඔවුන්ට ඒ පුද්ගලයන් කෙරෙහි ඇති වූ කෝපය අනාවරණය වූ පුනර්භව සාධක ද ඇත.මීට වසර ගණනකට උඩදී මහනුවර ප්‍රදේශයේ දැරියක හෙළි කළ තොරතුරුවලට අනුව පුනර්භව පර්යේෂණයක් සිදු කිරිමට අවස්ථා ද ලැබිණි. දිනානම් එම දැරිය පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමට ඇමෙරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණියේ ය. එම දැරිය අනාවරණය කළේ බබා නෝනා නම් මහලු වියේදී මියගිය මවකගේ තොරතුරුය. දිස්නා ඉතා කුඩා කල සිට ඇගේ හැසිරීම් රටා අතර දක්නට ලැබුණු විශේෂත්වය වූයේ ඇය ඉක්මනින් දැඩි ලෙස කෝපවන බවකි. බබා නෝනාගේ හැසිරීම් රටාව තුළ ඇය ද ඇතැම් විට තදින්ම කෝපයට පත්වීම සිරිතක් වී තිබිණ. දෙහිවල ප්‍රදේශයේදී උපත ලද තවත් දැරියක් වයස අවුරුදු තුනේදී පමණ ඇගේ පෙර භවය අනාවරණය කළාය. ඒ වනවිට ඇයට වයස අවුරුදු එකමාරක පමණ පුංචි සොහොයුරකු ද සිටියේ ය. පුංචි දැරිය වෙතින් දක්නට ලැබුණු විශේෂත්වය වූයේ හදිසි කෝපයට පත්වී සිය බාල සොහොයුරාට පහරදීමට උත්සාහ ගන්නා බවකි. ඇතැම් විට ඇය කළ ප්‍රකාශ ද අතිශය පුදුම උපදවනසුලු විය. දැඩි ලෙස කෝපයට පත් වූ අවස්ථාවලදී ඇය සිය මල්ලී දෙස බලා මව අමතන්නට වූයේ "මෙයාව මරලා ගෝණියක දාලා පාකර යවමු” යනුවෙනි. ඒ පිළිබඳ විමසු විට දැරිය කියා සිටියේ පෙර භවයේදී ඇයට කිසියම් පිරිසක් පහර දී එලෙස රැගෙන ගිය බවකි. පෙර භවයේදී කිසියම් පහරදීමකට ලක්වී තිබීම නිසා ඉතා කුඩා කළ සිටම ඇය දැඩි ලෙස කෝපයට පත්වන බැව් එම දැරියගේ ගති සිරිත් මගින් තහවුරු විය. මීට වසර කීපයකට උඩදී මොරටුව ප්‍රදේශයේදී උපත ලද දරුවෙක් ඉතා කුඩා අවධියේ සිට දැඩි ලෙස කෝපවීම සිරිතක්ව පැවතිණි. ඔහු හෙළි කළ පෙරභව තොරතුරු අනුව පෙරභවයේදී මත්පැන් පවා පානය කළ පුද්ගලයකු බැව් සනාථ විය. එම දරුවා බහ තෝරන වියේ සිට ඇතැම් භාණ්ඩ පවා පොළොවේ ගසමින් දැඩි ලෙස කෝපයට පත්විය. ඔහු හෙළි කළ පෙරභවයේ ජීවිත තොරතුරු සනාථ කිරීමට ඒ පිළිබඳ සිදු කළ පර්යේෂණයේදී හැකි විය. ඔහු හෙළි කළ පෙරභව ජීවිත තොරතුරු අනුව බිරියට පවා පහරදෙමින් බීමත්ව හැසිරුණු පුද්ගල චරිතයක් ගත කළ අයෙක් බැව් පිළිගැනීමට සිදුවිය. සිය දිවි නසාගත් බැව් අනාවරණය කළ පුනර්භව සාධක කීපයක් ද පර්යේෂණවලට ලක්වී තිබේ. එවන් සිදුවීම් හතරක් පමණ ශ්‍රී ලංකාවේදී පර්යේෂණ කිරීමට හැකි විය. සියදිවි නසා ගැනීමක් ගැන හෙළි කළ ප්‍රථම ශ්‍රී ලංකාවේ පුනරභව සාධකය හෙළිවුයේ මීගමුව ප්‍රදේශයෙනි. පෙරභවය හෙළි කළ දැරියක් ඇතැම් විට ඉතා කුඩා අවධියේ සිට දැඩි ලෙස කෝපයට පත්වන බවක් දක්නට ලැබිණි. බහ තෝරන වියට පා තබමින් ඇය කියා සිටියේ පෙර භවයේදී ඇය මරණයට පත්වූයේ වයස අවුරුදු 16දී පමණ බැව්ය. එම දැරිය ඒ වනවිට පදිංචිව සිටි ප්‍රදේශයෙන් ඉවත්ව ගාල්ල ප්‍රදේශයේ වෙනත් නිවසක පදිංචිව සිටියාය. ඇය වයස අවුරුදු දාහතක් පමණ වියේදී මේ භවයේදී නැවත වරක් ඇය දිවිනසා ගත්තේ පෙර භවයේ කෑ විෂ ගෙඩි වර්ගයම කෑම නිසාය. මෙම දැරිය පිළිබඳ එදා සිදු කළ පර්යේෂණයේදී හෙළි වූයේ පෙරභවයේ මෙන්ම යළි ඇගේ උපත සිදුවීමෙන් පසුවත් ඇය තුළ තිබූ හදිසි කෝපවීමේ තත්ත්වය දිගින් දිගටම පැවැති බවකි. සිගිති දරුවන් ඇතැම් විට කිසිදු හේතුවක් නොමැතිව අධික ලෙස කෝපයට පත්වන බැව් දක්නට ලැබේ. උපත ලබා සති දෙක තුනක් යන විට ඇතැම් දරුවන්ගේ මුහුණේ ඉරියව් මගින් ද කෝපවීමේ ලක්ෂණ දක්නට ඇත. ඇතැම් විට අතට හසුවන භාණ්ඩ පවා දැඩි කෝපයෙන් ඉවතට වීසි කරන අවස්ථා ද තිබේ. එවැනි හැසිරීම් රටාවන් සිය කුඩා දරුවන් වෙතින් පළවන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීම දෙමාපියන්ට පවා අපහසුය. පුනර්භව පර්යේෂණවලදී (Behavioral Memories) යනුවෙන් හඳුන්වනු ලබන අංශය අදාළ දරුවන්ගේ තොරතුරු සහ විමර්ශන අනුව ඉක්මන් කේන්තිය හෙවත් අධික කෝපය ඇතිවීම පිළිබඳ මනෝවිද්‍යා පර්යේෂණවල නිරත වී සිටියි. ළදරු මනසේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විමර්ශන සිදු කරන (Child Psychiatry) ළමා මනෝ විද්‍යාව මගින් ද ළදරුවන්ට ඇතිවන කෝපය ගැන විමර්ශනය කෙරේ. මේ පිළිබඳ පර්යේෂණ රැසක් පවත්වා ඇති ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව සහ ජර්මනිය ද විශ්වවිද්‍යාල මට්ටමෙන් සාධක රැසක් එක්රැස් කර ඇත. එම සිදුවීම් (Child Temperament) යනුවෙන් පර්යේෂණ වාරතාවල ඇතුළත් වේ. මේ අතර පෙරභවය හෙළි කළ දරුවන් මගින් අනාවරණය වන හදිසි කෝපය හෙවත් ඉක්මන් කේන්තිය පිළිබඳව සිදු කරන පර්යේෂණ (The Explanatory Value of the Idea of Reincarnation) යනුවෙන් ළදරු මනසේ කෝපය පිළිබඳව නිකුත් කළ පර්යේෂණ ග්‍රන්ථවල ද ඇතුළත් වී තිබේ. හදිසි කෝපය පිළිබිඹු කළ එවැනි දරුවන්ගේ හැසිරීම් රටා මනෝවිද්‍යාත්මක පර්යේෂණවලට වැදගත් වී ඇත.
Comments
Post a Comment